අවු. 30ට වැඩි ලක්ෂ 115න් ලක්ෂ 100කට එන්නත්…! එන්නත්කරණය ජනපති දුන් ඉලක්කය ඉක්මවයි…!

August 2, 2021 at 11:19 pm | by emanisa.lk

මෙරට ලක්ෂ 115ක් වන අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් ලක්ෂ 100කට අද වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් බව ඖෂධ නියාමන හා ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

අගෝස්තු මාසය අවසන් වන විට මෙම ලක්ෂ 115ට එන්නත් ලබා දීම ජනාධිපතිවරයා තමන් වෙත ලබා දුන් අභියෝගය වුව ද ඊට පෙර එම ඉලක්කය සපුරාගත හැකි බව ඇමැතිවරයා පවසයි.

රටේ සෞඛ්‍ය අංශ මෙන් ම ත්‍රිවිධ හමුදාව ඉතා ම කාර්යක්ෂම ලෙස මෙම එන්නත්කරණ කටයුතු සඳහා දායක වීම ඊට හේතුව බව ඔහු වැඩි දුරටත් පවසයි.

එම ඉලක්කය සපුරා ගත් පසු අවු. 30-18ත් අතර කාණ්ඩයට එන්නත් ලබා දීමට සූදානම් බවත් පළමු මාත්‍රාව ලබා දී සති තුනක් ඇතුළත දෙවන මාත්‍රාව ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බලන බවත් ඇමැති ජයසුමන වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස