ආණ්ඩුව එන්නත්කරණය මාධ්‍ය සංදර්ශනයක් කරල…! දැන් රට විශාලා මහනුවරක් වෙන්න ළඟයි….!

August 7, 2021 at 3:10 pm | by emanisa.lk

රජය විසින් කොවිඩ් වසංගතයත් එන්නත්කරණයත් මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරගෙන ඇති බව එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා පවසයි.

ඒ, ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ය.

එන්නත්කරණය ආරම්භ කළ යුතු කාලයේ එය සිදු නොකොට මිත්‍යාවන් පසුපස ගිය රජය එන්නත්කරණය ඇරඹූ පසුව ද හිතවතුන්ට ප්‍රමුඛතාව දුන් බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට වැඩි වශයෙන් දුක්විඳින්නේ වැඩිහිටියන් බවත් අද දවස වන විට කොවිඩ් ආපදාවෙන් මිය යන සෑම අයෙකුගේ ම ජීවිතයකට ආණ්ඩුව වගකිව යුතු බව ද චමීර පෙරේරා අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ දැන් රට විශාලා මහනුවරක් දෙසට ගමන් කරන බවත් සංදර්ශනයක් ආකාරයට නාමල් රාජපක්ෂ සෑදූ ඇඳන් ඔලිම්පික් රැගෙන ගියේ දැයි සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *