සේලයින් නිෂ්පාදනාගාරයෙත් සැබෑ පියා මමයි…! එජාපයට ගියත් මම හැමදාම වාමාංශිකයෙක්…! – රාජිත…

July 29, 2021 at 6:27 pm | by emanisa.lk

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා තමා ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘති වර්තමාන ආණ්ඩුව තමන්ගේ නමින් ලියා ගන්නා බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි.

තමන් හැදූ සේලයින් නිෂ්පාදනාගාරය වැනි දරුවන්ට වර්තමාන ආණ්ඩුව කිසියම් පුද්ගලයෙකු නම් කර ඔහුගේ නමට උප්පැන්න සහතික ලියන බවත් රාජිත සේනාරත්න පවසයි.

නුදුරේ දී ම ජනාධිපතිවරයා ද රවටා කැඳවා ගෙන ගොස් රටට ආඩම්බරයක් බව පවසා සේලයින් නිෂ්පාදනාගාරය විවෘත කරනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම වැඩ සටහන්වල සැබෑ පියා තමන් බව නොදැන සිටීම මාධ්‍යවේදීන්ගේ වරදක් බවත් එමගින් මෙරට මාධ්‍යවේදීන්ගේ නිරුවත හෙළි වන බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

තමා පක්ෂ මාරු කළ ද කිසි දිනක ප්‍රතිපත්ති මාරු පාවා නොදුන් බවත් මෙරට වාමාංශික ව්‍යාපාරයේ සිට එජාපයට ආවා පමණක් බවත් පැවසූ ඔහු වැඩි දුරටත් පැවසුවේ තමන් ඉදිරියේ දී ද පක්ෂ මාරු කරන බව ය.

සමගි ජන බලවේග මූලස්ථානයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස