සුසිල් පැන්නූ හේතුව ජනපති රටට ම කියයි…!

January 7, 2022 at 10:28 pm | by emanisa.lk

තම අකාර්යක්ෂමතාව වසා ගැනීමට සිය වගකීම් නොසලකා අනෙකාට චෝදනා කළ නිසා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ධුරයෙන් පහකිරීමට සිදු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙසේ සඳහන් කළේය.

‘රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලා.

හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි. සාමූහිකව ආණ්ඩු කෙරෙහි වගකියන්න ඕන.

යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයි. ඇඟ බේරගන්න තවත් එක් කෙනෙකුට චෝදනා කරන්න එපා.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *