එක රටක් එක නීතියක් බලකා වැඩක් නෑ…! පළමුව ජනාධිපති සමාව අහෝසි කරනු..! – සුසිල්ගෙන් ජනපතිට අභියෝගයක්…

November 13, 2021 at 9:37 pm | by emanisa.lk

එක රටක් එක නීතියක් සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට තරම් ප්‍රශ්නයක් රටේ නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් 1885 ජනවාරී 01 වෙනිදා ඉංගිරිසි ජාතිකයින් විසින් හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය වසර සිය ගණනක් පැරණි නීතියක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් කල් රට පාලනය වූයේ එම නීතිය අනුව බව පවසන සුසිල් ප්‍රේමජයන්ත වැඩි දුරටත් පවසන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතු බවය.

අධිකරණය ඉදිරියේ වැරදිකරු වන පිරිසකට සමාව ලැබෙන අතර පිරිසකට සමාව නොලැබෙන බව සඳහන් කළ සුසිල් ප්‍රේමජයන්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේ පළමුව එතැන නිවැරදි විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *