සුපිරි ක්‍රීඩක මුරලි ජනපති ⁣සමග දේශපාලන පිටියට! මහ ඡන්දෙට පොහොට්ටුවෙන් නුවරඑළියට!

February 22, 2020 at 1:50 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ දුක හඳුනන අයෙකු බවත් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මුත්තයියා මුරලිදරන් මේ බව පැවසුවේ නොර්වුඩ් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස