සුදේව රංගන හිරු අතහැර ස්වර්ණවාහිනියට එක්වෙති!

April 28, 2020 at 2:47 pm | by emanisa.lk

හිරු මාධ්‍ය ජාලයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අමතරව පත්තරේ විස්තරේ, කොපි chat වැඩසටහන් වලින් ඉහල ප්‍රේක්ෂක ජනප්‍රියතාවයක් දිනාගත් හිරු රූපවාහිනියේ සහකාර සාමාන්‍යාධිකාරී (විශේෂ වැඩසටහන්) තනතුර හෙබවූ රංගන ද සිල්වා ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කළේ සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක තනතුරේද, රංගන ද සිල්වා වැඩසටහන් අධ්‍යක්ෂ තනතුරේ අද අද දිනයේ වැඩ භාරගත් බවයි.

මේ සඳහා ස්වර්ණවාහිනිය විශාල ලංසුවක් තබා ඇතැයි වාර්තා වෙයි.

ස්වර්ණවාහිනිය පසුගිය ආණ්ඩු⁣ව සමයේ සුභාෂ්කරන් අලිරාජාට අයත් ලයිකා මොබයිල් නම් ව්‍යාපාර ජාලය විසින් මිලට ගත්තේය. අලිරාජා මෙන්ම ඔහුගේ ව්‍යාපාර ජාලය ද කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධ බවට චෝදනා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස