ස්වර්ණවාහිනිය බිඳ වැටේ! ඉවත් කළ සේවකයන් ඉල්ලා සෙසු සේවකයන් වර්ජනයේ! රාත්‍රී පුවත් නෑ! (Photo)

March 19, 2019 at 6:56 pm | by admin

අද උදෑසන සිට සජීවි වැඩසටහන් විකාශනය කිරීම බිඳ වැටී ඇති ස්වර්ණවාහිනියේ කටයුතු තව දුරටත් ඇනහිට ඇති අතර රාත්‍රී ප්‍රවෘත්ති විකාශන කටයුතු ද නතර කර දමා ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ස්වර්ණවාහිනි සේවක පිරිස වෘත්තීය සමිතියක් පිහිටු වීම සමග එහි නිලතල දැරූ අදහස් දැක්වූ සේවකයන් 15 දෙනෙකු ඉවත් කිරීමට ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා ඇතුළු පරිපාලනය කටයුතු කර තිබේ.

ඒ අනුව අද උදෑසන සේවයට වාර්තා කළ එම සේවකයන් නැවත හරවා යැවූ අතර ඒ සමග ආයතනයේ සියලු සජීවි විකාශන කටයුතු ඇන හිටිණි. උදෑසන සිට පටිගත කළ වැඩසටහන්, ගීත පමණක් විකාශනය විය. සේවයෙන් පහකළ සේවක පිරිස උදෑසන කොල්ලුපිටිය පොලිසියේ ඒ පිළිබඳ පැමිණිල්ලක් ද දමා තිබේ.

මේ වන විට 300කට අධික ස්වර්ණවාහිනි සේවක පිරිස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඉවත් කළ සේවක පිරිස නැවත සේවයේ පිහිටු වන ලෙස සහ නව ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා ඉවත් කරන ලෙස වර්ජකයෝ ඉල්ලා සිටිති.

2005 රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම දියත් කළ මහේන් පෙරේරා අනතුරුව විදෙස්ගත වූ අතර නැවත ස්වර්ණවාහිනියට පැමිණෙන්නේ එය දෙමළ ඩයස්පෝරාවේ මුදලින් ක්‍රියාත්මක ව න ලයිකා මොබයිල් සමාගමට අනුබද්ධ ආයතතනයකට විකුණා දැමීමේ ගනුදෙනුව කරළියට පැමිණීමත් සමගය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *