සීනි හැංගූ වියත්මගේ වංචාකාරයින්ගේ ලාභෙ ඩබල්..! බැඳුම්කර වංචාවට වඩා රටට පාඩුයි…! මෙහෙම වංචා ලෝකේ කිසි ම රටක නෑ…! – වසන්ත බණ්ඩාර….

September 8, 2021 at 10:32 am | by emanisa.lk

සීනි තොග සැඟවීම මගින් සීනි ආනයනය ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් තිස් එකක අමතර ලාභයක් ලබා ගැනීමට හැකි වී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ මෙම ලාභය ලබා ගන්නේ රුපියල් මිලියන 29,000ක සීනි බදු වංචාවට ද අමතරව බවයි.

රජය විසින් ලබාදෙන ලද බදු සහනය අනුව සීනි කිලෝ ග්‍රෑම් එකක නියම කළ මිල වන්නේ රුපියල් 85ක් වන නිසා ඒ අනුව සීනි ආනයනකරුවන්ට සියලු වියදම් සහ සාමාන්‍ය ලාභය ද ඇතුළත්ව ගෙවිය යුත්තේ රුපියල් අසූ පහක් හෝ ඊට අඩු මුදලක් බවයි.

නමුත් ඒ වෙනුවට සීනි කිලෝ එකකට රුපියල් 116ක් ගෙවීම් මගින් ජාවාරම්කරුවන්ට රුපියල් තිස් එකක අමතර ලාභයක් ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් අත්අඩංගුවට ගත් සීනි තොග සහ රට තුළ තිබෙන අනෙකුත් සීනි තොග එම මිලට විකුණන්න නම් ජාවාරම්කරුවන්ට අමතරව රුපියල් මිලියන 20, 000 ක ලාභයක් ලැබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම මුදල බැඳුම්කර වංචාවෙන් කළ හානියට වඩා බරපතළ බව ද පවසන ඔහු මෙවැනි ගොං වැඩ හෝ අමු වංචා සිදුවන රටක් ලෝකයේ කොහේ හෝ ඇත්නම් පෙන්වා දෙන්නැයි අභියෝග කරන බවද කියා සිටියේය.

මෙම සීනි ජාවාරම්කරුවන් ජනාධිපතිවරණයට පෙර වියත්මගේ කිට්ටුවන්තයන් ලෙස පෙනී සිටියේ මේ ආකාරය වංචාවන් සඳහා වටපිටාව සකසා පෙනීමට බව ද වසන්ත බණ්ඩාර පැවසීය.

අයුතු ලාභ ලැබීම සඳහා මෙම පිරිස් ජනාධිපතිගේ ගෞරවයට ද විශාල හානියක් කරන බවද පෙන්වා දුන් ඔහු ඔවුන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට කරන ලබන හානිය සුළු කොට නො තකන බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස