සීනි බදු අඩු කිරීමෙන් රජයට පාඩුවක් නෑ…! එය වංචාවකුත් නෙමෙයි…! – මුදල් අමාත්‍යංශය…

March 12, 2021 at 6:14 pm | by emanisa.lk

සීනි ආනයනය කිරීමේ දී අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු වී නැතැයි මුදල් අමාතයංශයේ ලේකම් එස්.ආර්. ආටිගල පවසයි.

රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව විවිධ අවස්ථාවල බදු අඩුවැඩි කරන බව සීනි බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදුව නැතැයි ද රුපියල් බිලියන 15.9 පාඩුවක් වූ බවට කරන ප්‍රකාශ මුදල් අමාත්‍යංශය පිළි නොගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීමට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකිරීම නිසා පාඩුවක් සිදු වූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *