හොර සීනි ගබඩා සොයා රට පීරයි…! වත්තලින් තවත් සීනි ටොන් 4100ක ගබඩාවක් මතුවෙයි…!

August 30, 2021 at 4:16 pm | by emanisa.lk

අද (30) පෙරවරුවේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සීනි ටොන් 4100ක් සහිත ගබඩාවකට මුද්‍රා තැබීමට
පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

මෙම ගබඩාව නීති විරෝධී ගබඩාවක් ද නැද්ද යන්න සනාථ කළ හැකි ලියකිවිලි පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත් කරන ලෙස එම ගබඩාවේ හිමිකරුවන්ට දැනුම් දී තිබේ.

එම ලියකියවිලි පරීක්‍ෂා කරන තුරු සීනි තොගය පිළිබඳ ඉදිරි ආධිකරණ ක්‍රියා මාර්ගවලට එළඹිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේය.

බස්නාහිර පළාතේ පිහිටි සීනි ගබඩා අඛණ්ඩව පරීක්‍ෂා කරන බවත් පාරිභෝගිකයන්ට සාධාරණය ඉටු කිරීමේ වගකීමෙන් කිසිඳු අවස්ථාවක බැහැර නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *