බැඳුම්කර වංචාව හරි චූටියි…! ඉතිහාසෙ ලොකු ම වංචාව සීනි බදු වංචාවයි…! – ජවිපෙ…

March 12, 2021 at 7:51 am | by emanisa.lk

2020 ඔක්තෝබර් මස 14 වැනි දා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනි දා දක්වා වූ කාලය තුළ සීනි ආනයනයේ දී වංචාවක් සිදුනොවුණේ නම් රජයට එම මුදලින් කොවිඩ් එන්නත ගෙන්වා මෙරට ජන ගහනයෙන් මිලියන 15කට පමණ ලබාදීමට හැකියාවක් පැවති බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හඳුන්නෙත්ති පවසා සිටියේ, මෙරට ඉතිහාසයේ සිදුව ඇති ලොකු ම වංචාව සීනි ආනයනයේ දී සිදුවු වංචාව බවය.

“මහ බැංකුව මංකොල්ලකන වෙලවේ රනිල් වික්‍රමසිංහලා අපි ඒක හෙළිදරව් කරන කොට මෙදා විපක්ෂයේ හිටිය මේ ගොල්ලෝ කෑ මොර දුන්නා ඒක තමයි ඉතිහාසයේ දැවැන්තම මංකොල්ලය,හොරකම කියලා.

මේ අය බලයට ආවහම ඒක අල්ලනවා කියලා. මේ අය බලයට ඇවිල්ලා ඒක ඇල්ලුවෙත් නෑ. අය එක්ක යටින් ඩීල් දාගෙන ඒක හංගගෙන ඉන්නවා.

දැන් මේ ඉතිහාසයේ ලොකුම වංචාව වෙලා තියෙන්නේ මොකද්ද, එදා මහ බැංකු මංකොල්ලය කෝටි 1100 නම් දැන් මේක කෝටි 1590ක්.

කොරෝනා වසංගත එන්නත් ගන්න කියලා ලෝක බැංකුවට ගියා මිලියන 1000ක් හොයා ගෙන. මේ සීනි ගනුදෙනුව සිද්ධ නොවුණා නම් ලංකාවට කොරෝනා වසංගතය මර්දනය කරන ඉන්ජක්ෂන් එකට යන ගාන ඩොලර් 5 ගානේ ගණන් හැදුවත් මිලියන 15ක් ගෙන්න පුළුවන් එන්නත්.“ 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *