තවත් අනවසර සීනි ගබඩා 03ක් වටලයි…! රටේ නැතැයි කී ටොන් දහස් ගණනක් සීනි එළියට …!

August 29, 2021 at 8:09 pm | by emanisa.lk

ආනයන බදු සත 25 දක්වා අඩු කළ අවස්ථාවේ ලංකාවට ගෙන ආ තවත් ටොන් දහස් ගණනක සීනි තොග අද පාරිභෝගික සේවා අධිකාරිය මගින් වටලා සීල් තබා තිබේ.

මෙම සීනි තොග ගබඩා තුනක සඟවා තිබූ අතර මේ කිසිදු ගබඩාවක් ලියාපදිංචි කර නොතිබීම ද විශේෂත්වයකි. අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම්කර ඇති සීනි මෙලෙස ගබඩා කිරීම නීති විරෝධීය.

මෙම සීනි තොග සගවා මිල නංවා පසුව ටික ටික අලෙවි කර ඇති බව හෙළි වී තිබේ. මෙම ජාවාරම්කාරයින් නිසා මේ වන විට සීනි කිලෝවක මිල රු. 220 දක්වා ඉහල නැඟ තිබේ.

රු. 85ට අලෙවි කිරීම සඳහා ගෙන ආ මෙම සීනිවලින් ව්‍යාපාරිකයින් අති විශාල ලාභයක් උපයා ඇති අතර පාරිභෝගික ජනතාවට දැඩි අසාධාරණයක් සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *