සීනි තොග සඟවා මිළ ඉහළ නැංවීම පිටුපස දේශපාලන සැලසුමක්….! විපක්ෂයේ පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුගේ ගබඩාවකුත් මාට්ටුයි…!

September 2, 2021 at 10:30 pm | by emanisa.lk

ආණ්ඩුව සිය ගජමිතුරන්ට සීනි ආනයනය සඳහා බදු සහන දුන් බවට විපක්ෂය චෝදනා කළ ද සඟවා ඇති සියලු සීනි තොග හමුවන්නේ විපක්ෂයේ ප්‍රබලයින්ගේ සබඳතාවක් ඇති ස්ථානවලින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

එම සීනි තොග සැඟ වූ ගබඩා හිටපු ඇමැති කෙනෙකුගේ සමීපතමයෙකුගේ, නැත්නම් විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකුගේ නැත්නම් විපක්ෂයේ පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුගේ බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මේ අනුව සීනි තොග සඟවා මිල ඉහළ නැංවීමට ඉතා ම කාලකන්නි විදිහට කටයුතු කර ඇත්තේ විපක්ෂය බව අතේ මාට්ටු වී ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

සීනි තොග සඟවා තිබූ එක් ගබඩාවක විපක්ෂයේ දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකු සතු ගබඩාවක් බව ද ඩීලාන් පෙරේරා හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස