සීනි ජාවාරම්කාරයින් අනාථයි..! අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වැඩ අරඹයි…! අදම සීනි ටොන් 4800ක් රජයට පවරා ගනී…!

September 1, 2021 at 12:20 pm | by emanisa.lk

මහාා පරිමාණ සීනි ආනයනකරුවන් සඟවා තිබියදී සොයාගත් සීනි තොග අද (01) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ රැගෙන යෑමට කටයුතු කෙරිණි.

ඒ පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහාය. මෙම කටයුතු සඳහා  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස පත්කළ මේජර් ජෙනරාල් එම්. එස්. පී. නිවුන්හැල්ලට අමතරව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලීසිය ද එක්විය.

කෘත්‍රිම සීනි හිඟයක් නිර්මාණය කරමින් අධික මිල ගණන්වලට සීනි වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් මෙම සීනි තොග සඟවා තිබුණි.

එලෙස සොයාගැනුණු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,000කට අධිකය. එලෙස වත්තල මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබිය දී සොයාගත් සීනි ටොන් 4800 අත්‍යාවශ්‍ය හදිසි නීති රෙගුලාසි විධිවිධානවලට අදාලව රජයට පවරා ගැනීම සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස