සියවස් කාලකට පසු රනිල් එජාප නායකත්වය අතහරී! අකිල වජිර දයා රවී මීළඟ නායකත්ව සටනේ!

August 10, 2020 at 3:19 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බව ද වාර්තා වේ.

1994 එජාප නායකත්වයට පත් වූ රනිල් වික්‍රමසිංහ 26 වසරක් එජාප නායකත්වය දරා තිබේ. මේ කාලය තුළ කිසිම අවස්ථාවක එජාප ජනාධිපතිවරයෙකු පත් නොවූ අතර ඔහු අගමැති ධුරයේ කටයුුතු කළ කිසිම එජාප ආණ්ඩුවකට සම්පූර්ණ නිල කාලය බලයේ රැඳී සිටීමට නොහැකි විය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (10) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස