සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්න කල් ත්‍රස්ත අවධානම අඩු වෙන්නේ නෑ! – අගමැති

May 6, 2019 at 7:47 am | by admin

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම අඩු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවත්,වාර්ගික ගැටුම් ඇති නොවන අයුරින් පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මේතාක් සිදුකළ අනර්ඝ මෙහෙවර සම්බන්ධයෙන් රටේ ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ වෙත තම ප්‍රණාමය පළ කරන බවත්,ආර්ථික ක්‍රියාකාරකම් මනා ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මනින් ඇති කිරීමට පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ප්‍රමුඛ සංචාරක ක්‍ෂේත්‍රයේ නියෝජිත කණ්ඩායමක් සමග අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස