සියලු ගැරහුම් මැද දේශීය වෙදකම සාර්ථක වෙයි! කොරෝනා සඳහා විස්මිත ඖෂධයක්! මූලික පරීක්ෂණ දෙකේ ප්‍රතිඵල 100%යි!

November 29, 2020 at 9:00 pm | by emanisa.lk

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් මැඩලිය හැකි දේශීය ඖෂධයක් අත්හදා මූලික පරීක්ෂණ දෙකක දී 100%ක් සම්පූර්ණ වී ඇති බව වාර්තා වෙයි. බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු විසින් නිර්මාණය කළ මෙම ඖෂධය අත්හදා බලා ඇත්තේ බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් විසිනි.

ඒ අනුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු සම්බන්ධ කරගනිමින් පළමු පර්යේෂණය ආරම්භ කර තිබේ.

පී.සී.ආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී දින 06ක් ගත වූ රෝගීන්ට මෙලෙස දින 03 ක් අඛණ්ඩව දවසට දෙවරක් බැගින් මෙම ඖෂධය පානය කිරීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව එම ඖෂධය පානය කළ රෝගීන් අතරින් අහඹු ලෙස තෝරාගත් දස දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලැබී ය.

ඒ අනුව පළමු පර්යේෂණය යටතේ සිදුකළ අත්හදා බැලීමට අනුව පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ රෝගීන් දස දෙනාගේම ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව පසුගිය 16 වැනිදා තහවුරු වී තිබේ.

අනතුරුව මෙම වෛද්‍ය කණ්ඩායම ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාව ද සම්බන්ධ කරගනිමින් මෙම ඖෂධය පිළිබඳව 02 වන පර්යේෂණය ආරම්භ කරනු ලැබීය.

එහි දී ද වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් 50දෙනෙකු පර්යේෂණය සඳහා සම්බන්ධ කර ගැණුනු අතර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව රෝගීන් 25 දෙනෙකුට නව ඖෂධය ලබාදීමත් අනෙක් රෝගීන් 25 දෙනාට ඖෂධීය ගුණයන් නොපෙන්වන ආදේශකයක් ලබාදීමත් සිදුකර තිබේ.

එම අපේක්ෂා රෝහලේ පී.සී.ආර් වාර්තාවලට අනුව නව ඖෂධය ලබාගත් රෝගීන් 16 දෙනෙකුගේ ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති අතර ආදේශකය ලබාදුන් රෝගීන් 15 දෙනෙකුගේ ශරීරයේ වෛරසය තවදුරටත් ඇති බව තහවුරු විය.

ඒ අනුව පර්යේෂණ වට දෙකක දී සාර්ථකත්වයක් පෙන්වූ මෙම ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන 03 වන පර්යේෂණය රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස