සිංහරාජේ වන සංහාරය ගුරුගේ ඉඩමෙන් වැහුව ද..? කොන්ත්‍රාත්තුව ගත්තේ ජවිපෙ ද…? – ගයාන් ගුරුගේ පළමු වරට හෙළිදරව්වක….

March 21, 2021 at 3:20 pm | by emanisa.lk

ආන්දෝලනයට ලක්ව ඇති රත්නපුර කලවාන ප්‍රදේශයේ සිය ඉඩම සඳහා 1946 සිට පත්තිරු ඇතැයි එහි හිමිකරු වන ගයාන් ගුරුගේ පවසයි.

සින්නක්කර ඔප්පු සහිත තම පෞද්ගලික ඉඩමේ ඉදිකරන්නේ නිවාසයක් බවත් ඒ සඳහා ප්‍රාදේශීය සභාව සහ සියලු ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ගෙන ඇතැයි ද ඔහු සඳහන් කරයි.

පරිසරය සුරැකෙන පරිදි ගහකොළ ආරක්ෂා කරමින් මෙම ඉදිකිරීම් සිදුකරන බවත් තමන් ඉඩමේ තිබූ කිසිදු ගසක් ඉවත් නොකළ බවත් ඔහු අවධාරණය කරයි.

එහෙත් සතර අතින් ම පෞද්ගලික ඉඩම්වලින් වට වී ඇති සිය ඉඩම කෙරෙහි භීතිකාවක් නිර්මාණය කර සිංහරාජය ආශ්‍රිතව සිදුවන ඇතැම් වන විනාශයන් යට ගැසීමේ සැලසුමක් ඇතැයි තමා විශ්වාස කරන බව ද ගයාන් ගුරුගේ පවසයි.

මේ පිටුපස ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිහිප දෙනෙකු සිටින බවත් ඔහු පවසන්නේ යූටියුබ් නාළිකාවක් සමඟ සිදුකළ සංවාදයකදී ය.

https://www.youtube.com/watch?v=9QWbc_SScOE

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස