කොරෝනා රෝගයෙන් මිය යන්නන් භූමිදානය කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සඳහන් කරයි.
රටේ සෑම ජන කොට්ඨාසයකට ම තිබිය යුතු අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
කොවිඩ් 19 රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භුමිදානය කිරීමට ඉඩ දෙන ලෙස මුස්ලිම් ආගමික නායකයින් මෙන් ම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද රජයෙන් කර තිබෙන ඉල්ලීමට මේ වන විට ප්රතිවිරෝධතා ද එල්ල වෙමින් තිබේ.