සාමය සංහිඳියාව සඳහා 13 වන සංශෝධනය ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි! – ඉන්දියාව අගමැති මහින්දට කියයි…

September 26, 2020 at 11:14 pm | by emanisa.lk

උතුරේ මුහුදේ ධීවර කටයුතු සම්බන්ධව මතුව ඇති ගැටළුව විසඳීමට ලංකා සහ ඉන්දීය නායකයන් එකඟ වූ බව ඉන්දියාව පවසයි.

අද (26) අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති වීඩියෝ සාකච්ඡාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව පවසා තිබේ.

ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය අගමැතිවරයා මෙම සාකච්ඡාවේ දී පැවසූ බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

දැනට ක්‍රියාත්මක යටතල පහසුකම් ව්‍යාපෘති දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගෙන කඩිනම් කිරීමට පියවර ගනු ඇතැයි ද එහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස