සාමකාමී අරගලය වැරදි දිශාවකට…! සෙබළාට පහර දී ටී 56 පැහැර ගනී…!

July 14, 2022 at 9:56 am | by emanisa.lk

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාකරුවන් ඊයේ(13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබලෙකුගේ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇත.

මෙහි දී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 60 මැගසින් දෙකක් මෙසේ පැහැර ගෙන ඇත.

පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ යුධ හමුදා සාමාජිකයා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන බව අතර ප්‍රතිප්‍රහාරයෙන් අරගලයට සම්බන්ධ 84 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

රටටම හදිසි නීතිය ද බස්නාහිරට ඇඳිරි නීතිය ද පනවා ඇති පසුබිමක පාර්ලිමේන්තුව වටලෑම සඳහා ජනතාව මෙම ප්‍රදේශයට කැඳවා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසිින් බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *