සයිනොෆාම් එන්නතේ සායනික වාර්තා පිටවෙයි…! අසාධ්‍යවීම 100%කින් වළකයි…. ආසාදනය වීම 78%කින් වළකයි….ප්‍රතිදේහ නිෂ්පාදනය 100%යි….!

May 27, 2021 at 11:29 pm | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂාවේ අවසන් වාර්තාව එළිදක්වා තිබේ. ඒ, අමෙරිකානු වෛද්‍ය සංගමය විසිනි. අදාළ වාර්තාව සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14 කින් පසු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බරපතළ තත්ත්වයට පත්වීම සියයට සියයකින් වළක්වාලයි.

ඊට අමතරව මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව සියයට 78.1 කින් ප්‍රතික්‍රියා කරන බවත්, කොවිඩ් -19 වෛරසයට එරෙහි උදාසීන ප්‍රතිදේහ නිපදවීම එම එන්නතට ඇති හැකියාව සියයට 99 ක් පමණ වන බවත්, චීන තානාපති කාර්යාලය සිය ට්විටර් සටහන මගින් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස