කොවිඩ් එන්නත් ලක්ෂ 140ක් ගේන්න ඩොලර් කෝටි 22ක්…! සියලු තොග නොවැම්බරයට පෙර ලංකාවට…!

May 25, 2021 at 7:49 am | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිල දී ගැනිමට ඇමරිකානු ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය ලබා දී ඇත.

ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි විසිනි.

මෙම එන්නත් තොගය කොටස් කිහිපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස