ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු සජිත් එපා කියන සයිනොෆාම් එන්නතයි…! ලොව වැඩිපුරම භාවිත වන අතුරු ආබාධ අඩුම එන්නත එයයි….! – මහාචාර්ය සිසිර සිරිබද්දන…

May 2, 2021 at 7:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නත චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන පවසයි.

එය ඉක්මනින් අනුමත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව වෛද්‍ය මතය බව ද හෙතෙම පෙන්වා දෙයි. ඇස්ට‍්‍රාසෙනිකා එන්නතට වඩා සයිනොෆාම් එන්නත සෞඛ්‍යාරක්ෂිත බව පර්යේෂණවලින් හෙලිවී ඇතැයි ද එයින් සිදුවන අතුරු ආබාධ අවම යැයි ද ඔහු කියයි.

මේ වනවිට ලෝකයේ කොවිඩ් වෛරසයට එරෙහිව නිපදවූ එන්නත් අතරින් වැඩිපුරම භාවිත වන්නේ එන්නත් අටක් පමණක් යැයි කී මහාචාර්යවරයා එයින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ ඇස්ට‍්‍රා සෙනිකා, ෆයිසර් හා ජොන්සන් සහ ජොන්සන් යන එන්නත් තුන පමණක් බව ද සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙතෙක් අනුමත නොකරන ලද සයිනොෆාම් එන්නත අනුමත කරන ලද ඒවාට වඩා හිතකාමි බව ද වැඩිපුරම භාවිත කර ඇත්තේ ද එම එන්නත බව ද ඔහු කියා සිටියේය.

සයිනොෆාම් එන්නත අසාත්මික වී කිසිවෙක් මිය ගිය බවක් මේ වනතුරු වාර්තා වී නැතැයි ද ඇස්ට‍්‍රාසෙනිකා එන්නතින් මොළයේ හා උදරයේ ශිරාවන්හි ලේකැටි ගැසීම් වාර්තා වී ඇති අතර මියයාම් වාර්තා වී ඇතැයි ද වාර්තා පෙන්වා දෙයි. සයිනොෆාම් එන්නත පන්ලක්ෂයක් ලබාදුන් පසුව එයින් අසාත්මික වී ඇත්තේ 1.06 පිරිසකට පමණකැයි ද ඒවා කුඩා අතුරු ආබාධ යැයි ද වාර්තාවන්හි සඳහන් වේ.

පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය නොමැති චීන එන්නත් ලබා දීමට තමන් විරුද්ධ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස