ශ්‍රී ලංකාවේ කොවිඩ් ගින්න නිවන්න චීනය පෙරට… සහායට රුසියාව…! මාසිකව සයිනොෆාම් එන්නත් විසි ලක්ෂයක්….! ජුනි වෙද්දි කොවිඩ් මැඩලන බවත් කියයි…!

May 11, 2021 at 10:28 am | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදිත ‘සයිනොෆාම්’ එන්නත් මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමාණයක් මාසිකව ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

එමෙන් ම රුසියාව විසින් ලබා දෙන ‘ස්පුට්නිට්’ එන්නතද ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ‍්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද හෙතෙහ කීය.

ඒ අනුව ජුලි මාසය වන විට වසංගතය අප්‍රේල් මස මුල පැවැති ආකාරයට ම සාර්ථකව පාලනය කිරීමේ හැකියාව තිබෙන බව විශ්වාසයෙන් කිව හැකි බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

එසේ ම චීන සයිනොෆාම් සහ රුසියානු ස්පුට්නික් එන්නත් නිෂ්පාදනාගාර දෙකක් ලංකාවේ ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අනාවරණය කරයි.

එතෙක් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉතා ඕනැකමින් සමස්ත ජනතාවගෙන්ම ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස