සම්පූර්ණයෙන් රට වසා දැමීමක් නෑ….! බස්නාහිරට සංචරණ සීමා….! – හමුදාපති….

May 10, 2021 at 6:48 pm | by emanisa.lk

රට සම්පුර්ණයෙන්ම වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැන වීමක් සිදුවිය හැකි බවට යුද හමුදාපතිවරයා ඉඟි කළේ ය.

“රටේ ඇතිවෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන රටේ ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කරන ආකාරය සලකා බලා මේ අවස්ථාවේ ඉදිරියේදී බොහෝ දුරට බස්නාහිර පළාතෙන් පිටවීම, ඇතුළුවීම අත්‍යවශ්‍ය සේවා සඳහා සීමා කර සංචරණ සීමා පැනවීමට හැකියාවක් තියෙනවා.

තමුන් බඩුබාහිරාදි ලබා ගන්නා කඩවල කාලසීමාවන් යම්කිසි ආකාරයෙන් දීර්ඝ කිරීමක් තුළින් රටේ ජනතාවට ඕනෑම අවස්ථාවක ගොස් කඩයක එක්රොක් නොවී බඩුබාහිරාදිය ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ඉදිරියේ දී ඇති කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනවශ්‍ය හේතූන් මත දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමෙන් වළකින්න. කොවිඩ් මේ අවස්ථාවේ පැතිර යන බැවින් පළාතකින් පළාතකට මෙය පැතිරීමට තිබෙන අවදානම අවම කිරීම සඳහා මෙවැනි පියවර ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිතව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස