සමගි බලේ නායකයා වාර්ෂිකව මාරු කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය සපිරි පක්ෂ ව්‍යවස්ථාව සූදානම්! – තිස්ස

December 15, 2020 at 10:24 am | by emanisa.lk

සමගි ජන බලවේග ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාගේ නිල කාලය වසරකට සීමා කර ඇති බවත් පක්ෂ නායකයා සහ නිලධාරී මණ්ඩලය වාර්ෂිකව වෙනස් කරන ක්‍රමවේදයක් ඊට ඇතුළත් කර ඇති බවත් සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

මේ වන විට පක්ෂ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන් බවත් එම කෙටුම්පත ලබන සතියේ විධායක සභාවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේ ය.

පක්ෂයේ තනතුරුවලට නිලධාරීන් පත්කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔස්සේ පක්ෂ නායකයා විසින් පත් කරන බවත් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ ය.

නව ව්‍යවස්ථා මගින් පක්ෂයට සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ලබා දී ඇති බවත් විධායක සභාව මගින් තෝරා ගන්නා නායකයා අනතුරුව පක්ෂ සමුළුවේ දී අනුමත කරගන්නා බවත් සඳහන් කළේ ය.

නායකයා තෝරන විධායක සභාව එජාපයේ මෙන් නායකයා විසින්ම තෝරන්නේ දැයි පැහැදිලි කිරීමක් සිදු වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස