සමගි බලේ නායකත්වයට සුදුසු සජිත් නෙමෙයි බුද්ධික! – ජොන්ස්ටන්

November 19, 2020 at 10:51 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ අනාගත නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සුදුසු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

බුද්ධික පතිරණ යනු තමන් බෙහෙවින් ගරු කරන හොඳ ජනතා නියෝජිතයකු බව ද ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා සඳහන් කළේ ය.

කෙසේ වුවද සිංහරාජය අසලින් ලංකාගමට නිර්මාණය කළ මාර්ගය කැඩී ගොස් ඇති බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට තමා සමග එහි නිරීක්ෂණ චාරිකාවට එකතු වන ලෙස ආරාධනා කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

අද (19)පාරලිමේන්තුවේ දී බුද්ධික පතිරණ නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස