සිංහරාජේ යෝෂිත හොටලේ ගැන මඩගහන්න අයිතියක් තියෙනවා! තමන්ට හෝටලයක් නෑ කියල ඔප්පු කරන එක යෝෂිතගේ වගකීමක්! – ආචාර්ය නිර්මාල්

August 23, 2020 at 5:38 pm | by emanisa.lk

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

යෝෂිතගේ ඊනියා සිංහරාජ හෝටලය!!!

=========================

සිංහරාජය මැද යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයක් තිබෙන බවත් මතභේදයට තුඩුදී ඇති මාර්ග ඉඳිකිරීම ඊට සම්බන්ධ බවත් ඇඟවෙන ලෙස සජීව චාමිකර අදහස් දැක්වීමක් කර ඇත. රාජපක්ෂ කඳවුරේ පිරිස් මෙය මඩ ගැසීමක් ලෙස ප්‍රකාශ කරනු දුටුවෙමි. මෙය පදනම් විරහිත ප්‍රකාශයක් නම් බරපතල තත්වයකි. සජීව චාමිකර මා හඳුනා ගෙන ඇත්තේ කරුණු සහිතව කිසියම් ප්‍රකාශයක් කරන කෙනෙක් ලෙසයි.

මා සිතන ආකාරයට රාජපක්ෂ කඳවුරේ අයට (විශේෂයෙන් මහින්ද පතිරණ වැනි අයට) මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් ඇත. ඒ සරළ දෙයකි. එනම් මේ ප්‍රදේශයේ රෝහිත රාජපක්ෂට අයත් හෝටලයක් නොමැති බව වගකීම් සහගත ආකාරයකට ප්‍රකාශ කිරීමයි. රෝහිත රාජපක්ෂ මහතා අගමැතිතුමාගේ පුතා බැවින් ඔහුට මේ සම්බන්ධව නිල නිවේදනයක් කොට මෙය ප්‍රතික්ෂේප කළ හැක. එමගින් යහපත් දේවල් තුනක් සිදුවේ.

1. මෙය රාජපක්ෂ වරුන්ට විරුද්ධ මඩක් බව ඔප්පු වේ.

2. සජීව චාමිකරගේ තොරතුරු වල විශ්වසනීයත්වය බිඳ වැටේ.

3. රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වඩා ජනතාවට වගවීම සහිත දිශාවකට යොමුවීමට එය හේතු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *