සතොස නිලධාරීන් හදිසියේ කෝටිපතින් වූ CIDය හැටි සොයනවා…! – ඇමැති වීරසේකර

October 4, 2021 at 6:23 am | by emanisa.lk

කෝටිපතියන් බවට පත්වූ බව කියන සතොස නිලධාරීන් පිරිසක් පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

සුදුලූනු වංචාවට සමාන තවත් වංචාවන් රැසක් කාලයක් තිස්සේ සිදුවන බවට ලද තොරතුරු සනාථ කර ගැනීම සඳහා මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීවේය.

මෙම සතොස නිලධාරීන් කෝටිපතියන් බවට පත්වූයේ කෙසේද යන්න අනාවරණය කර ගැනීම විමර්ශන කටයුතුවල අරමුණ බව ඇමැති වීරසේකර සඳහන් කරයි.

පරිගණක මාර්ගයෙන් සහ විවිධ උපක‍්‍රම ඔවුන් භාවිත කර තිබේදැයි සොයා ගැනීමට දැනටමත් පොලිස් විමර්ශන කරන බව ද කී ඔහු, ඔවුන් අයුතු ලෙස විශාල දේපළ උපයාගත් ආකාරය විමර්ශනවල දී හෙළිකළ යුතු යැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස