සතොසට දෙන්න කී වී තොග ලක්ෂ 900ක අල්ලසට මෝල් හිමියන්ට..! රු. ලක්ෂ 10ක් සමග වී අලෙවි මණ්ඩල ලොක්කා දැලේ…

January 1, 2021 at 9:32 am | by emanisa.lk

වී තොග ලබා නොදෙන බව කියමින් වී මෝල් හිමියන්ට තර්ජනය කර ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනක් කප්පම් ලබාගත් වී අලෙවි මණ්ඩලයේ උතුරු පළාත් ප‍්‍රාදේශීය කළමනාකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (31) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිළිනොච්චියේ පිහිටි කාර්යාලයේ දී වී මෝල් හිමියකුගෙන් රුපියල් ලක්‍ෂ 05 ක මුදලක් ලබා ගනිද්දීය.

සැකකරු පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයක තිබී තවත් රුපියල් පන්ලක්‍ෂයක මුදලක් සොයා ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

සැකකාර නිලධාරියා වී තොග ලබා නොදෙන බව කියමින් තර්ජනය කර මුදල් ලබා ගන්නා බවට වී මෝල් හිමියන්ගෙන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට ලැබුණු පැමිණිලි ඔස්සේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්‍ෂණ නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.

පොළොන්නරුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 46 හැවිරිදි සැකකරු දීර්ඝ කාලයක සිට වී මෝල් හිමියන්ගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති බව හෙළිව ඇත.

සැකකරු කිළිනොච්චි පොලිසියේ රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන කරගෙන අතර අද දින (01) කිළිනොච්චි අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

සතොස ආයතනයට ලබා දීමට නියෝග කර තිබූ වී ටොන් 30 000ක් වී කිලෝවට රු. 3 බැගින් අල්ලස් ලබා ගෙන මෝල් හිමියන්ට අලෙවි කර රු. ලක්ෂ 900ක් වංචා කිරීමට මොහු උත්සාහ කර තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස