සතොස සුදුළුණු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා රිමානඩ්….!

September 26, 2021 at 11:05 pm | by emanisa.lk

ලංකා සතොස ආයතනයට අයත් සුදුළුණු කිලෝ 54 000ක් සහිත කන්ටේනර් වංචනික ලෙස අලෙවියට අනුබල දුන් ව්‍යාපාරිකයෙකු එළඹෙන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් විසින් මෙලෙස බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ, වෙලායුධම් ශ්‍රීධරන් නම් ව්‍යාපාරිකයෙකි.

අදාළ ව්‍යාපාරිකයා සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම, තොරතුරු සැඟවීම සහ නීති විරෝධී ලෙස භාණ්ඩ රැස්කිරීම යන චෝදනා යටතේ පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයට පෙර පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *