සතොසේ මාසෙට ලක්ෂ 30ක තේ බොනවා..! සමහරුන්ට චීස් නැතිව තේ බොන්න බෑ…!

September 27, 2021 at 11:30 am | by emanisa.lk

සතොස ආයතනවල තේ පානයට පමණක් මාසයකට රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පවසයි.

සමහරුන්ට තේ පානය සඳහා චීස් පවා අවශ්‍ය කෙරෙන බව ඔහු අනාවරණය කරයි.

එසේම සතොස ආයතන සතු වාහන විශාල ප්‍රමාණයක් නිකරුණේ ගාල් කර තිබිය දී පිට වාහන රැසක් කුලියට ගෙන ඇත්තේ කාගේ වුවමනාවට දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

සතොස දූෂණ වංචා රැසක තොරතුරු ඇතුළත් ලිපිගොනු රැසක් තමා ළඟ ඇති බව පැවසූ හෙතෙම ජනාධිපතිවරයා ළඟදීම හමුවී සතොස දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *