අඩු මිලට අරන් විලච්චියේ වී කිලෝ ලක්ෂ 10ක් හංගලා! පාරිභෝගික අධිකාරිය වලටයි!

October 16, 2020 at 8:37 am | by emanisa.lk

සඟවා වී තොග සොයා සිදු කරන ලද වැටලීමක දී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න වී තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15) සොයා ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මාස හයකට පෙර මිල දී ගන්නා ලද කීරි සම්බා වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මෙහි තිබූ අතර එම වී අඩු මුදලකට මිලදී ගෙන ඇති බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය.

මෙම වී ගබඩාව අසල වී සහල් කිරීමේ මොල්ක්ද ඇති අතර එය 2017 වර්ෂයේ ලියාපදිංචි කර ති​බේ. එම ස්ථානයේ වී සහල් කරන බව පවසා මෙලෙස වී ගබඩා කර ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවැසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අනුරාධපුර මීගලෑව ප්‍රදේශයේදී ද වී ගබඩාවක් වටලා වී කිලෝග්‍රෑම් ලක්ෂයක් පෙරේදා (14) සොයා ගත්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *