ජනාධිපතිවරණයෙන් සිය පක්ෂය පරාජයට පත්වීම පිළිබඳ තමන් සතුටු වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමු පවසයි.
සජිත් ප්‍රේමදාස දිනුවේ නම් එජාප මැති ඇමතිලා සහ නායකයන් කටයුතු කරන්නේ ජනතාවට ප්‍රශ්න නැතැයි සිතාගෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජනතා ප්‍රශ්න සත පහකට ගණන් නොගෙන කටයුතු කළ නායකයන් පිරිසක් තම පක්ෂයේ සිටින බවත් ජනතාව ඔවුන්ට නැවත බලය දෙතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු අවධාරණය කළේය.
එජාප බණ්ඩාරගම බල මණ්ඩල රැස්වීමට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.