සජිත් ජනාධිපති වුණා ම අගමැති මමයි…! සජිත් මට එහෙම කිව්වා….! – ෆොන්සේකා…

February 7, 2021 at 12:20 am | by emanisa.lk

පළාත් සභාව ඔස්සේ දේශපාලන දෙවන පරපුරක් බිහි වන බවත් එහෙයින් මුදලක් වැය වුව ද පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන ස්ථාවරයෙහි තමා සිටින බව සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා පවසයි.

සරත් වීරසේකර වැනි අය මනාප ගොඩ වැඩි කර ගැනීම සඳහා පළාත් සභාවලට එරෙහිව ගැලරියට විවිධ ප්‍රකාශ නිකුත් කළ ද ඒවාට ඉඩක් නොමැති බවත් ඉදිරි මාස පහ ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවත් ෆොන්සේකා පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස තමා සිය දෙවෙනියා ලෙස තබා ගන්නා බව ප්‍රකාශ කළ බවත් ඒ පොරොන්දුව අනුව තමා පක්ෂ සභාපති ධුරයට පත් කළ බවත් ඔහු අනාවරණය කළේ ය. තමා තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලනය නොකරන බවත් ඔහු අවධාරණය කළේ ය.

ඉදිරියේ දී මේ දූෂිත ආණ්ඩුව පෙරළා දැමීමට විපක්ෂයක් ලෙස සිය යුතුකම ඉටු කරන බව ද සරත් ෆොන්සේකා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස