සජිත්ගේ සමගි බලේ 56 දෙනෙක් නැවතත් එජාපයට…?

July 13, 2020 at 11:33 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට ගිය 56 දෙනෙකු නැවත එජාපයට එකතු වන්නට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව පුත්තල දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එම 56 දෙනා අතරින් 23 දෙනෙකුගේ හඬපට තමා සතුව ඇතැයි ද මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු අනාවරණය කළේය.

පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුවද පියාගේ ගෙවල් හැදිල්ල හැර රටට කිසිදු නිර්මාණශීලී වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළ පුද්ගලයා සජිත් ප්‍රේමදාස බවත් ඔහු තුළ නායකත්ව ලක්ෂණ කිසිවක් නැති බවත් රංගෙබණ්ඩාර සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස ගොනාට අන්දගෙන සමගි ජනබලවේගය අටවා ගත්තේ පාඨලී රණවක බව ද ඔහු සඳහන් කළේය. එජාප ආණ්ඩුව වැඩි කළ රාජ්‍ය සේවා වැටුප ගැන ලැජ්ජ නැති සජිත් ප්‍රේමදාස පත්තවල දැන්වීම් දමන බවට ද හිටපු ඇමතිවරයා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස