සජිත්ගේ පක්ෂෙ දුවන්නේ බදියුදීන්ගේ කළු සල්ලිවලින්! සමගි බලේ ම බදියුදීන්ගේ රූකඩයක් වෙලා! – මහින්දානන්දගෙන් සමගි බලේට දැවැන්ත ප්‍රහාරයක්…

November 24, 2020 at 12:00 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ මූල්‍ය අනුග්‍රාහකයා බවට පත්ව ඇත්තේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරයි.

එජාපය සහ රනිල් ත්‍රස්තවාදයෙන් යැපුණු බවත් සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස අන්තවාදයෙන් යැපෙන බව ද ඔහු සඳහන් කළේ ය.

සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ මැතිවරණ වියදම් ඇතුළු සියලු බරපැන දරන්නේ රිෂාඩ් බදියුදීන් බවත් තමාට එය ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කළේ ය.

සියලු බැංකු ගිණුම් සහ ජනධිපතිවරණයේ දී ලබා දුන් මුදල් පිළිබඳ සියලු සාක්ෂි තමා සතුව ඇති බව තමා වඟකීමෙන් ප්‍රකාශ කරන බවත් ඇමැති අලුත්ගමගේ සඳහන් කරයි.

බන්ධනගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට රැගෙන නො ආවේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මරාගෙන මැරීමට සුදානම් වූ බවත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අනුග්‍රාහකයා ද රිෂාඩ් බදියුදීන් බවත් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ය.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට සමගි ජන බලවේගයේ කිසිදු විරෝධයක් එල්ල නොවීම ද විපක්ෂයේ කිසිවෙකු එම ප්‍රකාශයට අභියෝග නොකිරීම ද විශේෂත්වයකි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස