සජිත් ප්‍රේමදාස තවමත් නායකයෙක් ලෙස ජනතාව අත්හදා බලා නැති බවත් එනිසා ඒ අවස්ථාව ලබාදිය යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාසට විශාල ජන රැල්ලක් ඇති බවත් ඒ බව රටපුරා සමීක්ෂණවලින් ඔප්පු වී ඇති බවත් හෙතෙම පැවසීය.
සමගි ජන බලවේග පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කළේය.
‘මැතිවරණයට නාම යෝජනා අරගෙන එය කල් දාන්න රජය උත්සහ කරන බවට ආරංචි වෙනවා. නමුත් මම කියන්නේ කලින් අවස්ථාවල ආණ්ඩු ඔය වැඩේ කළා. නමුත් අධිකරණයට ගියාම කල්දාන්න බැහැ කිවුවා. මේ අවස්ථාවේදීත් ආණ්ඩුව ඒ වැඩේ කලොත් අපි 18 වෙනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණය තියන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ නිසා බයවෙන්න එපා. ඕන නම් පොඩි ප්‍රමාදයක් වේවි නමුත් මැතිවරණ කල් දාන්න බැහැ.
ඡන්ද අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක්. එය ව්‍යවස්ථාවේ සටහන් වෙලා තියෙනවා නඩු තීන්දු ගණනාවක් තියෙනවා. විවිධ ආණ්ඩු මැතිවරණ කල් දාන්න හදලා ලැජ්ජාවට පත්වුණ. මම හිතන්නේ නැහැ ආණ්ඩුව ඒ වගේ පියවරක් ගනීවි කියලා. මොකද ඡන්දෙ කල් දාලා අධිකරණයෙන් කිව්වොත් ඡන්ද තියන්න කියලා ආණ්ඩුවට විශාල පරාජයක් ලැබෙනවට කිසිම සැකයක් නැහැ.
මේ ප්‍රාදේශීය සභා දැන් කල් ඉකුත් වූ භාණ්ඩ වගේ අවුරුදු පහක් ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් expire වෙලා බලෙන් අල්ලගෙන ඉන්නවා කිසිම ජනමතයක් නැහැ. ඒ නිසා අලුත් ජනමතයක් රටට අවශ්‍යයි. අලුත් ප්‍රාදේශීය සභා සහ පාර්ලිමේන්තුවක් පත් වුණොත් අලුත් ආණ්ඩුවකට විතරයි, ජාත්‍යන්තරයත් සමග ගණුදෙනු කරන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුව ගැන සත පහක විශ්වාසයක් ජාත්‍යන්තරයට නැහැ. මේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා. රට බංකොලොත් කරලා තියෙනවා.
ඒ වගේම දැන් බලයට පොරකන නායකයෝ අතහදා බැලීම් කරල තියනවා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි තවමත් අත්හදා බලා නැත්තේ නායකයෙක් හැටියට. අනිවාර්යෙන්ම එතුමාට විශාල රැල්ලක් තියෙනවා රට පුරා ඒ බව සමීක්ෂණවලින් ඔප්පු වෙනවා මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ඒ අවුරුද්ද තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් අනිවාර්යෙන්ම ලබාගන්න පුළුවන්.
ඒ වගේම මේ දිනවල විදුලි බිල සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න මතුවෙලා. එහිදී කියන්න ඕන විදුලිබල ඇමතිවරයාට බලයක් නැහැ විදුලි බිල වැඩි කරන්න. ඒක එතුමා තේරුම් ගත යුතුයි. මම එතුමාට එය පාර්ලිමේන්තුවේ දී කිව්වා විදුලි බිල වැඩි කරන්න අයිතියක් නැහැ. එය අයිතිය තියෙන්නෙ මහජන උපයෝගිතා කොමිසමට ඒක තේරුම් ගන්න ඕන. ඇමතිවරයා මුලින්ම පනත කියවන්න ඕන. මම අභියෝගයක් කරනවා විදුලි බිල වැඩි කිරීමට එතුමාට බලය තියෙන වගන්තිය පෙන්නන්න කියලා.’
– Media unit