සජබ විශ්වාසභංගයට විමල්ලත් පක්ෂ වෙයි…?

April 9, 2022 at 4:00 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් මෑතක දී ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි.

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ එකඟතාවක් පළ නොවන්නේ නම් විශ්වාසභංගය පිළිබඳව තීරණයක් ගැනීමට එම කණ්ඩායමේ සැලසුම් කර ඇත.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් අත්සන් කිරීම ආරම්භ කර ඇති අතර මේ වන විට මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් ඊට අත්සන් කර තිබේ.

එමෙන්ම විශ්වාසභංගයට අමතරව සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමක් හෝ විසි වන සංශෝධනය අහෝසි කිරීමක් වැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද සූදානමක් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස