සජබ කියන්නේ අලුත් දේශපාලන ව්‍යාපාරයක්…! යහපාලන වැඩවලට අපි වගකියන්නේ නෑ…! – බාකිර් මාර්කර්…

November 26, 2021 at 5:06 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවේ අයහපත් විදේශ ප්‍රතිපත්තිය සහ ගජ මිතුරුවාදය නිසා ලෝකයේ රටවල් විසින් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් එයින් අපේ රට හුදෙකලා වී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පවසයි.

ඔහු ඊයේ (25) පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

“බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තාම එතුමා වග කියන්නේ නෑ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කාලේ ඔක්කොට ම.

ඒ වගේ ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඇවිල්ලා විවෘත ආර්ථිකය බාරගත්තා ඒක කලින් ප්‍රතිපත්තියට වඩා වෙනස්. ඒ වගේ ම සමගි ජන බලවේගය කියන්නේ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඒක අමතක කරන්න එපා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *