රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද (24) නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස මෙම පියවර ගත් බව ද ඇමතිවරයා කීවේය.
ඒ අනුව රසායනික පොහොර, පලිබෝධනාශක හා දිලීර නාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන බවත්, හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.