ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ නම් නව දේශපාලන පක්ෂය ඔස්සේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
එම පක්ෂය මේ වන විට ලියාපදිංචිය සඳහා යොමුකර ඇති බවත් පක්ෂයේ සලකුණ පළිහ බවත් ඔහු පවසයි.
සෙසු පක්ෂ මෙන් බලයට පත්ව හොරු අල්ලන්නේ යැයි කියන ජනතාවට එපා වී ඇති පොරොන්දුව තමන් නොදෙන බවත් තම පාලනය යටතේ දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට හෝ අධිකරණ ක්ෂේත්‍රයේ වංචා දූෂණ සිදු කර ගැලවීමට ඉඩක් නැතැයි ද හෙතෙම පවසයි.
තමන් මැතිවරණයට එන්නේ ජනතාව සැකසූ ජනරජ ව්‍යවස්ථාවක් ද රැගෙන බවත් එයට අනුමැතිය දෙන්නේ ද ජනතාව බව සඳහන් කළ නාගානන්ද එම ව්‍යවස්ථාව යටතේ වර්තමාන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වන බව ද පැවසීය.
බෞද්ධ දර්ශනය සුරක්ෂිත කරන බවත් කිසිදු ආගමක් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර නොගන්නා බවත් ජාතික කොඩියේ නිරූපිත ජන වාර්ගික බෙදීම් පමණක් නොව කොඩියේ බෝ කොල හතර ද ඉවත් කරන බවත් අවධාරණය කළේය.
ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂට අභියෝග කළ හැකි එකම අපේක්ෂකයා වූ තමන්ට කුමන්ත්‍රණකාරී ලෙස ඒ අවස්ථාව අහිමි කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.