ශ්‍රී ලංකාව මූලික බංකොළොත් රටක් ලෙස ශ්‍රේණිගත කරයි…! රාජ්‍ය බැංකු ණයවර ලිපි ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කරයි…!

December 29, 2020 at 9:01 pm | by emanisa.lk

අද වන විට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇති බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ශ්‍රී ලංකාව පහළට ඇද දැමීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

අද වන විට රට මහා බාර බරපතළ ආර්ථික ව්‍යසනයකට ගමන් කරමින් සිටිනා බවටත් ආණ්ඩුව එය සමනය කර ගැනීමට උත්සාහයක් නොගන්නා බවටත් ඔහු චෝදනා කළේ ය.

ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ශ්‍රී ලංකාව දැනට ශ්‍රේණිගත කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකි මූලික බංකොලොත් තත්ත්වයක රටක් ලෙස බව ද මන්ත්‍රීවරයා පැවසී ය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස