ලෝක බැංකුව අනාගත එජාප ජනපති සජිත්ගේ සායම යවයි! ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බව පවසයි!

July 2, 2019 at 5:15 pm | by emanisa.lk

පහළ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ. ඒ ලෝක බැංකුව නිකුත් කළ නවතම ලෝකයේ රටවල් ආදායම අනුව කාණ්ඩ කිරීම යටතේය.

2018 වසරේ ජුලි 01 දා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් බවත් 2019 වසරේ ජුලි 01 දා වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

ඒක පුද්ගල ආදායම ඩොලර් 3996 සිට 12375ක් අතර පසුවන රටවල් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කර තිබේ.

කෙසේ වුවද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩුව රටේ දුප්පත්කම පිළිබඳ ව්‍යාජ වාර්තා ලබා දී දුප්පත් රටවල් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් ලබන කාණ්ඩයට උසස් වීමක් ලබා ගත් බවත් එය ජිල්මාට් එකක් බවත්ය. ඒ නිසා ලොකයෙන් ලැබෙන බොහෝ ආධාර අහිමි වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස