ශ්‍රී ලංකාව නැවතත් කොරෝනා අවදානමේ! රටේ ඉරණම ජනතාව අතේ! – WHO

November 11, 2020 at 7:30 am | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොවිඩ්19 වෛරසය පැතිරී ඇති තිබෙන බව පවසයි.

ඇයට අනුව ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයකයි.

කොවිඩ්19 වෛරසය ව්‍යාප්තියේ අනාගත ගමන් මග තීරණය වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත බව ද ඇය අවධාරණය කරන්නීය.

“දැනට තිබෙන තත්ත්වය අනුව වෛරසය පාලනය කළ හැකි නමුත් ශ්‍රී ලංකාවේ සියලු දෙනොට එහි වගකීමක් පැවරී තිබෙනවා.වෛරසය පැතිරී ඇත්තේ කුමන මට්ටමෙන්ද යන්න වැදගත් වන්නේ නැහැ.එය වැළැක්වීම සඳහා කළ යුතු මූලික දේ කරන්නේ නම් එය වැළැක්විය හැකියි.”

ඇයට අනුව නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම, දුරස්ථභාවය තබාගැනීම එම මූලික කොන්දේසි වෛරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍යය කොන්දේසි වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස