ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ භයානක බ්‍රිතාන්‍ය ප්‍රභේදයයි…! පැතිරීම වගේ ම මරණ ප්‍රතිශතයත් 50%ක් වැඩියි…!

April 28, 2021 at 4:13 pm | by emanisa.lk

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වෛරස ප්‍රභේදය බව පරීක්ෂණවල දී ස්ථිර වශයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල 43ක් සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවල දී එය තහවුරු වී තිබේ. මේ වන විට ලංකාවේ කොවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව ද එම විකෘති වෛරස ප්‍රභේදය බව ආචාර්ය ජීවන්දර ප්‍රකාශ කරයි.

මෙම වෛරස ප්‍රභේදය පැතිරීමේ සීඝ්‍රතාව අන් ප්‍රභේදවලට සාපේක්ෂව 50%ක් පමණ වැඩි වන අතර මරණ සිදු වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50%කින් පමණ වැඩි යැයි චන්දිම ජවන්දර පැවසීය. කෙසේ වෙතත් මෙම නව වෛරසය අස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස