බ්‍රිතාන්‍යය සමග සියලු ගුවන් සබඳතා අත්හිටුවයි!

December 22, 2020 at 3:17 pm | by emanisa.lk

බ්‍රිතාන්‍යයේ සිට මෙ රටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති උපුල් ධර්මදාස පැවසුවේ හෙට (23) අලුයම 2.00ට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බවයි.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ්-19 වෛරසයේ අලුත් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාපාත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *