අලුත් කොවිඩ් ප්‍රභේදය ඉතා ම භයානකයි….! වැඳලා කියන්නම් විනෝද ගමන් උත්සව කල් දමන්න…!

April 24, 2021 at 8:08 am | by emanisa.lk

එළඹෙන දීර්ඝ සති අන්තයේ දී සූදානම් කර ඇති උත්සව පැවැත්වීම සහ විනෝද චාරිකා යෑමට සුදානම් වී ඇති නම්, පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ඒවා නවතා දමන ලෙස සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

ලොව පුරා ආසාදිතයින් සුවිශාල ලෙස ඉහළ යන පසුබිමක ලංකාවේ රෝගය පාලනය කළ හැකි වූයේ ජනතාවගෙන් ලද අසීමිත සහාය නිසා බව ද ඇමැතිනිය අවධාරණය කළා ය.

“26 වන දා පෝය. අපි දන්නවා ආගමික උස්සව ගොඩාක් නොයෙකුත් පන්සල්වල තියන්න තීන්දු කරලා තියෙනවා.

නොයෙකුත් අය තමන්ගේ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කරලා තියෙනවා. සමහරු අවුරුදු උත්සව සැලසුම් කරලා තියෙනවා.

අපි ගෞරවයෙන් ඉල්ලනවා, අත්දෙක එක්කාසු කරලා වැඳලා ඉල්ලනවා, මෙවා අපි නවත්වමු. දින කිහිපයට පෙර තරුණ එක්කෙනෙක් මැරුණා. ඔහුට වෙන කිසිම ලෙඩක් නෑ. දියවැඩියාව ද කොලේස්ට්‍රොල් ද මුකුත් නෑ. හැබැයි කොවිඩ් රෝගය නිසා මිය ගියා.

විශේෂඥ වෛද්‍යවරු කියන විදියට වර්තමාන ප්‍රභේදයේ දවස් 14ක් විතර ගිහිල්ලා තමයි බොහෝ අයගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ. එක මාරාන්තිකයි.”

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *